වාහාන නැවත ආනායනය කළහොත් මිල ගණන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි

වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන ලෙස යෝජනා කළේ සිය සංගමය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෛ් සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ එවැනි යෝජනා සලකා බලන බව බලධාරීන් පැවසුවද පසුව ඒවා ක්‍රියාත්මක නොකරන බවය.

යළි වාහන ආනයනය ආරම්භ කළ පසු වාහන මිල ගණන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *