සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිවිටෙකත් ව්‍යාජ දත්ත ලබාදීමක් සිදුනොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ යම් තාක්ෂණික හා කාල රාමුවන්හි ප්‍රමාද දෝෂ හේතුවෙන් සිදුවන සුළු වෙනස්කම් පිළිබඳව ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ලකරන බවය.
වෘත්තීය සංගම් නියෝජිතයින් පිරිසක් සමග ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ පිළිබඳව අවධාරණය කර තිබේ.
මේ අතර බෝනොවන රෝගවලට සායනික ප්‍රතිකාර සඳහා යොමුව ඇති අවුරුදු 60 ඉක්මවු පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත් ඔවුන් සියලුදෙනා කඩිනමින් පුර්ණ එන්නත්කරණය සඳහා යොමුකරන බවත් අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.
කොවිඩ් ආසාදිතව මියයන පිරිසෙන් 86%ක් විවිධ සංකූලතා සහිත පිරිස් වන බවත් ඉන් 12%ක් පළමු එන්නත පමණක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදි පෙන්වා දී තිබේ.
එමෙන්ම මියගිය අයගෙන් එන්නත් දෙකම ලබා ඇති පිරිස 2.5%ක් වන අතර ඔවුන් ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.