ලබන සිකුරාදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව තීරණය කර තිබේ. එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක් ශ්‍රී ලංකාවට තබාගත යුතු බවට ඊයේ දිනයේ රැස් වූ එම සභාව තීරණය කර ඇති අතර ඒ පිළිබඳ රජයට බල කිරිම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය සහ ඉන්දියාව අතර ඇති කර ගන්නා ගිවිසුමට අදාළ යොජනාව ලබන සදුදා අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ වාරයේ නැගෙහිර පර්යන්තය සුරැකිමේ ජාතික සභාව ඊයේ දිනයේ රැස්වුණා.