2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ජුනි 24 වන දිනට අභියාචනාධිකරණය විසින් කල් තබන ලදී.
මෙම අයදුම්පත අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) රොහන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ විට, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය වාචික කරුණු දැක්වීම ආරම්භ කළේය.


