තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොවිඩ්

පොල්, කිතුල්, තල්, වැවිලි සංවර්ධන හා ඒ ආශ්‍රිත නිශ්පාදන, කර්මාන්ත හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අරුන්දික ප්‍රනාන්‍දු මහතා කොවිඩ් ආසාධනය වී ඇති බවට අද (27) තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් අරුන්දික අමාත්‍යවරයා ඉකුත් 19 සහ 20 යන දින වලදීත් ඉන් අනතුරුවත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට නොපැමිණි හෙයින් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයන් නොවන බවට තහවුරු වී තිඛේ.

වේත්‍රධාරි න‍රේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඒ මහතා පසුගිය 15 වැනි දින පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වූ බවද තහවුරු කරගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *