වරායට එන අත්‍යාවශ්‍ය භාණ්ඩ – පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරව පමණක් නිදහස් කිරීමට පියවර

ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවලට අදාළ සියළු පරීක්‍ෂණ වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පමණක් ඒවා රේගුවෙන් මුදා හැරීමට අදාළ පියවර ගන්නා බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ අනුව මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කිරීමට අපේක්‍ෂා කරන බවයි ඔහු පවසා සිටින්නේ.

ඒ පිළිඹදව රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය

“දැනට සිද්ධවෙන ක්‍රමවේදය තමයි විශේෂයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වරායට ආවට පස්සේ රේගුව විසින් අවශ්‍ය සාම්පල් එකින් එක අරගෙන අදාළ භාණ්ඩ තොග පෞද්ගලික ගුදම් වලට ගෙනයාමට අවස්ථාව ලබා දෙනවා කොන්දේසි සහිතව. මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. මීට කලිනුත් 2019 දී මෙවැනි සිද්ධීන් වාර්තා වෙලා මෙට්‍රික් ටොන් 60ක් ප්‍රති අපනයනය කරලා තිබෙනවා. මේ පළමු සිද්ධිය නෙවෙයි. ඒ කෙසේ වෙතත් මේ ක්‍රමවේදයේ අඩුපාඩුවක් තියෙනවා. වඩාත්ම හොද වෙන්නේ සම්පූර්ණම සහතික බැලීමෙන් අනතුරුව වරායෙන් අදාළ භාණ්ඩ තොග නිදහස් කිරිමයි. එම නිසා එවැනි තත්වයකට ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *