ලබන සතියේ මෙරටට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක්

ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු කියා සිටියේ ලබන 08 වනදා සිට දිස්ත්‍රික්ක 12 ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ද දිනයේ ද ගුවන් යානා 17 කින් මෙරටට පැමිණීමට නියමිත විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 1094 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *