ලක්ෂ 22 ක් වටිනා මත්කුඩු මීගොඩින් හා ගල්කිස්සෙන් අල්ලයි

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මේ වනවිට විදෙස් රටකට පලා ගොස් සිටින කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපමතමයෙකු වන “ආදුරුප්පුවීදියේ අශේන්” නමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 100 ක් සමග පාදුක්ක ජයමුතුගම ප්‍රදේශයේදී අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 10 පමණ වන බව මීගොඩ පොලීසිය කියයි.

මෙම සැකකරු කෙසෙල්වත්තේ දිනුකගේ හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිට ඇති බවට පැවසෙන අතර, පාදුක්ක හා ඒ අවට ප්‍රදේශවල නියෝජිතයන් වෙත මත්කුඩු ලබා දීමට පැමිණි අවස්තාවේදී මීගොඩ පොලිසියේ බුද්ධි නිළදාරියෙකුට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුගේ කලිසමේ සූක්ෂම ලෙස සකස් කර තිබූ පොකැට්ටුවක් වැනි කොටසක තිබී මෙම මත්කුඩු තොගය සොයා ගත් බවද පොලිසිය පවසයි. සැකකරු අද (20) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර ගල්කිස්ස සයුරු පුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60 ක්ද සමඟ පුද්ගලයන් දෙදෙනෙකුද අද (20) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 හා 33 අතර පසුවන්නෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *