ලංකා සතොස භාණ්ඩ 4ක මිල තවදුරටත් අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද  (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 125 කින්, වියලි මිරිස් කිලෝවක් රුපියල් 15 කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 3 කින් අඩු කළ බව සතොස  සඳහන් කරයි.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල නව මිල රුපියල් 935 ක් ද, වියලි මිරිස් කිලෝවක නව මිල රුපියල් 1,175 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 272 ක් ද බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *