ලංකාව ණයට තෙල් ගන්න යන කටාර් සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නාමල් රාජපක්‍ශ…

කටාර්හි වෙළඳ සමාගමක තමන් සාමාජිකයෙකු බව පවසමින් පලවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත් පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම ඒ තමන් නොවන බව ද කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

මෙම සමාගමෙන් ශ‍්‍රී ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බවත් සමාජ ජාලවල වාර්තා පල වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *