එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද ආරම්භවීමට නියමිතව තිබේ.
ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික වාර්තාවක් ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් සිය වාචික වාර්තාවෙන් ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
අද දිනයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සඳහා තමන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා සඳහන් කළේය.


