රෝහල් තුළ ගොඩගැසුණු කොවිඩ් සිරුරු

පවතින වාතාවරණය යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයින්ගේ දේහ ගොඩගැසී ඇති ආකාරය දැක්වෙන වීඩීයෝවක් මේ වනවිට සංසරණයවෙමින් පවතී.

එමෙන්ම රෝහලේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩල භාවිත කරන ශරීරය ආවරණය වන ඇඳුම් ද භාවිතයෙන් පසු එලෙස ගොඩගැසී තිබේ.

පවතින වාතාවරණය යටතේ කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා තවදුරටත් ප්‍රධාන රජයේ රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම ගැටලු ද මතුවී ඇත.

දික්ඔය මූලික රෝහලේ ද කොවිඩ් ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

එම රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් ආසාදිතයින් මේ වනවිට රෝහලේ පුටුවල සහ බිම වැතිරී සිටින බවය.

එමෙන්ම දික්ඔය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් බහුතරයක් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කිරීමේදී ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බවද වාර්තා වෙයි.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද විහාරමහාදේවි උද්‍යානයේදී සිදුවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *