රෝහල් අවට සිටින ජනතාවට කොරෝනා සම්බන්ධයෙන් කිසිදු විශේෂ අවදානමක් ඇතිකරගතයුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
කොරෝනා වෛරසය බෝවිය හැක්කේ, සමීපයේ සිටින රෝගී හෝ ආසාදිත පුද්ගලයකු කතාකරනවිට කිවිසුම් යවනවිට හෝ පිටවන සියුම් බිදිතිවලිනි. මේ වනවිට වෛරස ආසාදනය වූ චීන ජාතික කාන්තාව ද සුවය ලබමින් සිටී. ආසාදනය වූ බවට සනාථ වූ වෙනත් පුද්ගලයින් කිසිවෙකු මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වර්තා වී නොමැත.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය,වසංගත රෝග විද්‍යා අංශය, හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ ජනතාවට මුඛ ආවරණ පැලදීම කළ යුතු බවට නිර්දේශ කර නෑත. එසේ තිබිය දී මුඛ ආවරණ පැලදීමට අනවශ්‍ය උනන්දුවකින් කටයුතු කිරීමට අවශ්‍ය නැතැයි වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.