රුපියල් සීයට අඩුවෙන් හාල් දෙන්න පොරොන්දු වෙනවා – බන්දුල

සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් ලබාදීමට තමා සහතික වන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව කැකුළු, නාඩු, සම්බා සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් අලෙවි කිරීමට ඉදිරි දින කිහිපයේ කටයුතු කිරීමත් සමගම වෙළෙඳපොළේ ඇති සහල් මාෆියාව ඉබේම අහෝසි වන බවයි. එමෙන්ම මෙම සහල් සෑම සතොස වෙළෙඳසලකින්ම රුපියල් සියයට අඩුවෙන් මිලදී ගැනීමට හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ වෙළෙඳපොළේ කෘත‍්‍රිමව සහල් හිඟයක් නිර්මාණය කරමින් ආණ්ඩුව පිටරටින් සහල් ගෙන්වීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔහු පෙන්වාදෙන්නේ වී මිලදී ගැනීම සාර්ථක බවට කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කර තිබියදීත් මෙසේ සහල් පිටරටින් ගෙන්වීමට සැලසුම් කර තිබෙන්නේ තවත් පිරිසකට කොමිස් මුදලක් ලබාදීමේ අරමුණින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *