රිෂාඩ් රිමාන්ඩ් කරයි

අද අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ව ඊට අදාළ නඩුව නිමවනතෙක් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් 24 අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසක දීය.

අනතුරුව ඔවුන් දෙදෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *