රිෂාඩ් නිවස පරීක්ෂා කිරීමට රසපරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් යයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

අද දිනයේ පැයකට ආසන්න කාලයක් ඔවුන් එම නිවස පරීක්ෂා කළ බවවාර්තා වේ.

එමෙන්ම සොකෝ නිලධාරීන් ද පැමිණ අද දහවල් මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබුණි.

මේ අතර අද දිනයේදීත් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි බාලවයස්කාර දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලීසිය පවසන්නේ මියගිය දැරියට පෙර මන්ත්‍රීවරයාගේ නිවසේ 2009 වසරේ සිට කාන්තාවන් දස දෙනෙකු සේවය කර ඇති බවය.

කෙසේවෙතත් මියගිය දැරිය ද ඇතුළුව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තිදෙනෙකු මියගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව ජීවතුන් අතර සිටින සේවිකාවන් 8 දෙනෙකුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ ව්‍යාපාර ද පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *