රිෂාඩ්ගේ මස්සිනාගෙන් ලිංගික හිංසනයට ලක් වූ තවත් 29 හැවිරිදි කාන්තාවක් සොයාගනී

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තවත් 29 හැවිරිදි කාන්තාවක් ලිංගික හිංසනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තමාව අතවරයට ලක් කළ බවට අදාළ කාන්තා විසින් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2009 – 2010 කාලයේදී සේවය කර ඇති බවද අනාවරණය වී තිබේ.

කැලණිය ප්‍රදේශයේ යම් ස්ථානයක සේවයේ යෙදී සිටියදී ඇය ඊයේ මෙම ප්‍රකාශය ලබාදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *