රිය අනතුරකින් ති‍දෙනකු මරුට

මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ  වහමළුගොල්ලෑවේදී සිදු වු රිය අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

යාපනය දෙසට ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් දඹුල්ල දෙසට ධාවනය වු ලොරියක මුහුණට මුහුණලැ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි වාර්තා වේ.

බස්  රථයේ ගමන් ගත් අට දෙනකු අනතුරින් බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර එයින් තිදෙනෙකු පසුව මිය ගොස් ඇත. අවුරුදු 53ක්  වු පිරිමි අයෙක්, 30 හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක් අනතුරින් මිය ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *