කලකට පසු එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(28) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත් විය.

ඔවුන් මෙසේ එක්දින තරගාවලියක් ජයගත්තේ වසර 3යි මාස 8කට පසුව වීමද විශේෂත්වයකි.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 238 ක් ලබාගත් අතර ජයග්‍රහණය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 44.4 කදී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තනිව සටන් කළ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 75කදී ලකුණු 82ක් රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *