LK reports news sinhala

ජනපතිවරණයේදී බොරුකාරයින්ට පාඩමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ පිළිබඳ සියලු දේශපාලන පක්ෂ දැනුම්වත් කර ඇති අතර ඇතැම් අපේක්ෂකයන් නාමයෝජනා බාරදී වෙනත් දේශපාලනඥයකුට සහාය දක්වන හෝ ඔහු ප්‍රවර්ධනය වන  අයුරින් කටයුතු කරන බවත් එසේ කළහොත් එම අපේක්ෂකයා නම් කර ඒ බව ඡන්දදායකයින්ට ප්‍රකාශ කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටී.

එවැනි ව්‍යාජ අපේක්ෂකයින්ට ගුවන් කාලය ලබාදීම ඇතුළු සියලු වරප්‍රසාද අහිමි කරන බවද පැවසේ.

ඇතැම් දේශපාලන පක්ෂ තමන්ට දේශපාලන වාසි ලබාගැනීමේ සහ විරුද්ධ දේශපාලනඥයින්ට මඩ ගැසීමේ අරමුණින් හිතාමතාම අපේක්ෂකයින් ඉදිරිපත් කරවන බවද මෙවර එවැනි අපේක්ෂකයන් හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව තදින් පියවර ගන්නා බවද දන්වා ඇත.

ඇතැම් අපේක්ෂකයින් තමන්ට ලැබෙන ගුවන් කාලය මෙන්ම තම නමින් රැස්වීම් සඳහා ක්‍රීඩා පිටි වෙන් කරවා ඒවා වෙනත් ප්‍රධාන අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කරන බවත් ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදී වක්‍රාකාරයෙන් වෙනත් අපේක්ෂකයකුට සහාය පළකරන හෝ ප්‍රසිද්ධ නාමයක් සහිත අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් කර ව්‍යාජව කටයුතු කිරීම වැනි අවස්ථා හඳුනාගතහොත් මැතිවරණ කොමිසම ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඡන්දදායකයින්ට ඒ බව ප්‍රසිද්ධ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දන්වා සිටී.

(Image – dailynews.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *