රැහැන් රහිත වෙද නලාවක් උසස් පෙළ සිසුවා අතින් ජනපති අතට

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින ශිෂ්‍යයෙක් වන වෙනුර විජේසේකර දරුවා තමා නිර්මාණය කළ රැහැන් රහිත වෙද නලාවක් ඊයේ (13) මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගිය අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.

වෙනුර ශිෂ්‍යයා විසින් නිර්මාණය කර ඇති වෙද නලාව රැහැන් රහිතව භාවිතා කළ හැකි නිසා දුරස්ථභාවය රකිමින් රෝගීයා පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට හැකියාව පවතී. එම උපකරණය ජනාධිපතිවරයාගේ පරීක්ෂා ලක්වූ අතර පාසැල් දරුවන් මෙවැනි නව නිර්මාණ කිරීමට පෙළඹීම ජනාධිපතිවරයාගේ ඇගැයිමට ලක්විය. එමෙන්ම නව නිපැයුම් වල නියැලීමට ඔවුන්ට මගපෙන්වීය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *