රාජිත රෝහලෙන් පිටව යයි

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(13) මධ්‍යම රාත්‍රි රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සුදු වෑන් සිද්ධියට අදාල මාධ්‍ය හමුවක් පැවැත්විම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුන් අතර එම නියෝගයෙන් පසු දින දෙකක් පමණ අතුරුදහන් ව සිටි රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අත්අඩංගුවට පත් විය.

රාජිත සේනාරත්න මහතාට දෙසැම්බර් මස 30 වන දින ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව දවස් 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි හිටපු අමාත්‍යවරයා මහතා ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඔහුගේ රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ 10කට අධික බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ලබන 17 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද රාජිත සේනාරත්න මහතාට ඊයේ දිනයේ කොළඹ මහාධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *