රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධව රජයෙන් නව තීරණයක්.

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය හේතුවෙන් රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන්ගේ වැටුප් දින කිහිපයකින් ප්‍රමාද කිරීමට රජය තීරණය කර තිබේ.

විධායක නොවන රාජ්‍ය අංශයේ සේවකයින්ට නියමිත වේලාවට වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් විධායක ශ්‍රේණියේ කාර්ය මණ්ඩලවල වැටුප් දින කිහිපයකින් ප්‍රමාද කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2023 වසර සඳහා වන සිය නව ආදායම් සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවත් අපේක්ෂිත ආදායම රැස්කර ගැනීමට යම් කාලයක් අවශ්‍ය වනු ඇති බවත් රජය ප්‍රකාශ කළේය.

එමගින්, ලබන ආදායම මත පදනම්ව ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය දක්වා රජය සිය වියදම් කළමනාකරණය කරනු ඇත.

ඒ අනුව භාණ්ඩාගාරයේ සැලසුම්වලට අනුව රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එබැවින් විධායක නොවන රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවන අතර විධායක ශ්‍රේණියේ කාර්ය මණ්ඩලවල වැටුප් දින කිහිපයකින් ප්‍රමාද වනු ඇතැයි රජය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *