රාජගිරිය මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු භාර වේ

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණයට භාරවී තිබේ.

අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති අතර එහිදී සැප්තැම්බර් 29 දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම වැටලීමේදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර මෝටර් රථයක් පළාගොස් තිබූ අතර පසුව එහි ගමන්ගත් සැකකරුවන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පළාගිය මෝටර් රථයෙන් ඇද වැටුණු නිලධාරියාගේ හිසට හා පාදයට තුවාල සිදුවී හිසට මැහුම් 4ක් යොදා තිබු අතර, ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *