රාජගිරියේ මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගනී

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධිය හා සම්බන්ධ මෝටර් රථය ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

සැකකරුවන් දෙදෙනා අද තලංගම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, පළා යමින් සිටින ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ප්‍රධාන සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත්, පෙර අපරාධවලට සම්බන්ධ සැකකරුවෙක් බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහුගේ නිවස පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි ද පැවසීය.

පළාගිය මෝටර් රථයෙන් ඇද වැටුණු නිලධාරියාගේ හිසට හා පාදයට තුවාල සිදුවී හිසට මැහුම් 4ක් යොදා තිබු අතර, ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කළේය.

රාජගිරියේ මත්කුඩු වැටලීම අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකරමින් මෝටර් රථයකින් පලාගිය සැකකරුවන්ට නවාතැන් දුන් දෙදෙනෙකු තලංගම පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම එම මෝටර් රථයද තලංගම දේවාලගම ප්‍රදේශයේ තිබී පොලිසිය අද සොයාගත්තා.

රාජගිරියේ මත්කුඩු වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කරමින් මෝටර් රථයක් පලායන අයුරු අද දෙරණ පසුගියදා රට හමුවේ අනාවරණ කළේය.

එම රථය සොයා මෙහෙයුම් ඇරඹුණු අතර තලංගම පොලීසිය අද එම රථය සොයාගන්නේ තලංගම දේවාල පාරේ නිවසක තිබියදීය.

ඒ වන විටත් මෝටර් රථයේ අංක තහඩු ගලවා තිබූ බව වර්තා වේ.

එමෙන්ම එදින එම රථයේ සිටි සැකකරුවන්ට නවාතැන් දුන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

මීට අදාළව කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවේය.

මේ අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනකු හෝ තිදෙනෙකු පැමිණ ඇතැයි සැක පළ කෙරෙන අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ බව පැවසෙන පින්තූරයක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

එමෙන්ම එදින මෝටර් රථයට පාර්සලයක් දීමට ආ ත්‍රී රෝද රථයේ සිටි දෙදෙනාගෙන් අයෙකු මෙලෙස පලාගිය අතර ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි ඇති බව අනාවරණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *