රසායනික පොහොර හිඟයක් නැති බවට කෘෂිකර්ම ඇමති පවසයි

මෙරට රසායනික පොහොර වල හිඟයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, “දැනටත් මෙට්‍රික්ටොන් 40,000ක් තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා. වැඩි මිලට විකුණුවා. එළවළු සඳහා පොහොර දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන්,” යනුවෙනි.

මේ අතර පිටරටින් ආනයනය කළ කාබනික පොහොර බහාලුම් තුනක් මේ වනවිට කොළඹ වරායේ තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ කාබනික පොහොර ලංකාවට ආනයනය කළ නොහැකි බවය.

නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ මේ වනවිටත් සමාගම් 20ක් මෙරටට කාබනික පොහොර ආනයනය කරන බවය. “මේ ය දන්නේ නෑ ඒක මේ වනවිටත් සිදුවන දෙයක්.”

නමුත් ඉදිරියේදී නයිට්‍රික් අවශ්‍යතාවක් ඇතිවුවහොත් දියරය පමණක් ආනයනය කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *