Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රනිල් – බැසිල් හමුවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී  ඊයේ (8) රාත්‍රී සිදුවිය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය.

අනාගත  දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුවී ඇති අතර තවත් ඉදිරි  සාකච්ඡාවක් සඳහා ද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ අදහස