රන්වල වාහනයේ තිරිංග පද්ධතියේ දෝශයක්ලු

පසුගියදා රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්ව විසින් ල පැදවූ වාහනයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් පැවති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව ද මේ වන තෙක් ලැබී නොමැති අතර , ඒවා ලැබුණු පසු ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවයි වැඩිදුරටත් පොලිසිය ප්‍රකාශ කරයි.

වාහනය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවේ දී, මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදු කර නොමැති බව තහවුරු වී ඇති බවද පොලිසිය ප්‍රකාශකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *