LK reports news sinhala

හතුරුසිංහ කෝටි 150 ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ධුරයෙන් ඉවත්කිරීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේ යළි නඩු පවරා තිබේ.

කොන්ත්‍රාත් කාලය අවසන්වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් සිදුවූයේ යැයි කියන අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමිවීම සහ කීර්තිනාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කර ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *