බ්‍රිතාන්‍යය ආදී රටවල් කිහිපයක පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙරට තැන් කිහිපයකින් වාර්තා වුවද රට ලොක් ඩවුන් කිරීමේ තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
මේ වන විටත් සෞඛ්‍ය අංශ හා එක්ව නව වෛරසය රට තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පවසා සිටියි. නව කොවිඩ් වෛරස් ප්‍රභේදය (B.1.1.7) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශය විසින් කොළඹ, බියගම, අවිස්සාවේල්ල, වව්නියාව ප්‍රදේශවලින් ගත් අහඹු නියැදි පරීක්ෂාවේදී අනාවරණය කරගෙන තිබුණි. එහිදී සාම්පල 92ක් පරික්ෂාව ලක් කිරීමෙන් අනතරුව මේ බව තහවුරු කරගෙන ඇත.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වෙන කොවිඩ් පාලන කමිටුවේ දී මෙම නව වෛරස් ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමටද නියමිතය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසා සිටින්නේ නව කොවිඩ් වයිරසයේ ප්‍රභේදය (B.1.1.7) ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.