රට ලොක්ඩවුන් කරනවා ද – රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“යම් යම් තීන්දු තීරණවල වෙනස්කම් කිහිපයක් වෙයි ඉදිරි දින කිහිපයේදී. ඒ පිළිබඳව යුද හමුදාපතිතුමා නිල වශයෙන් ප්‍රකාශයක් කරයි අද පස්වරුවේ. සෞඛ්‍ය අංශවලින් ඉදිරිපත් කරපු නිර්දේශ සලකාබලා යම් යම් තීන්දු තීරණ ගත්තා. විශේෂ අවධානයක් යොමු වුණා අවුරුදු 60ට වැඩි එන්නත් ලබානොගත් අය සිටිනවා නම් ඒ සියලු දෙනා එන්නත්කරණය සඳහා යොමු කරන්න. බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුවේ අදහස් ලබාගන්න නියමිතයි විශේෂයෙන් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදෙනවා ද? නැද්ද? කියන කාරණය තීරණය කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *