රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව  මෙම ආඥාව නිකුත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *