රජයේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් තවත් මැදිහත්වීමේ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එක් පෙත්සමක් නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්‍රාමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ජාතික සංවිධානයේ මහ ලේකම් කේ. සරත් ලාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පත නීත්‍යනුකූල ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම ජනමත විචාරණයක් පැවැත්වීමකින් තොරව එම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *