‘‘යුද්ධය නවත්වත්න බලගතු රටවල් එකතු විය යුතුයි‘‘ – මහින්ද

මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා බලගතු රටවල් එක්ව ක්‍රියා කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හැකි තරම් ඉක්මනින් බලගතු රටවල් ඊට මැදිහත් වීම කළ යුතු බවද රාජපක්ෂ මහතා කීය. සියලු රටවල් ලෝක සාමය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුව ඇතැයිද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාර භූමියේ පැවති “සද්ධර්ම වර්ෂා” ධර්මදේශනය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාර භූමිය රැකගැනීමට මහජන ක්‍රියාකාරීත්වය දියත්වූ මොහොතේ සුවිශාල සහයෝගයක් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 05 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෘතවේදීත්වය පිරිනැමීමට සදහා මෙම වැඩසටහන සංවිධානය කර කිබුණි.

මෙහිදී එම විහාරස්ථානයේ විහාරාධිපති යහමුල්ලේ අනුරවංශ හිමියන් විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට උපහාර සමරු තිලිණයක්ද මෙහිදී පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *