’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය  හමුවකදී පැවැසූහ.

මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා ආරම්භ කළ පාතාලය හා කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට බාධා නොකරන ලෙසත් උන් වහන්සේ පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවැසූහ.

‘ශ්‍රී ලංකාවේ  මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් වැඩි වී තිබුණා. දැන් පොලිස්පතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කුමන ක්‍රමයක් හෝ භාවිතා කරලා හරි මේ ප්‍රශ්න විසදන්න ඕන. මේ වැඩපිළිවෙළට නීතිඥවරුන් කීප දෙනෙක් බලපෑම් කරනවා.

පොලීසිය කුඩුකාරයන්ට, පාතාලයන්ට තුවක්කුව භාවිත කරනවට මේ නීතිඥවරු අකමැතියි. අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලයි.‘ යැයි ආනන්ද හිමියෝ පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *