ලක් ගොවිතැනට චීන උදව්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.

මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises)  නියෝජිත පිරිස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම සහයෝගය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ වගා කරන අන්නාසි, කෙසෙල් ඇතුළු පලතුරු හා එළවළු වගාවට සහ ශ්‍රී ලංකාවේ තේ වගාව නංවාලීමට තාක්ෂණික සහයෝගය ලබා දීම  මෙන්ම එම නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට  සූදානම් බව එම සංගමය ප්‍රකාශ කළේය.

එපමණක් නොව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන කවර යෝජනාවක් වුවද ක්‍රියාත්මක කිරීම සඳහා තම සංගමය සූදානම්ව සිටින බවද ඔවුහු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *