ජපන් පිඟන් සමාගමක් ලංකාවට

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ජ්‍යෙෂ්ඨ  උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

බංගලාදේශය ,වියට්නාමය වැනි රටවල ආයෝජනය කළ  ආයෝජකයින් නැවත ලංකාවට පැමිණීම ආරම්භ කර තිබෙන බව කී ආශු මාරසිංහ මහතා මේ වසරේ මුල් කාර්තුවේ පමණක් ඇමරිකා ඩොලර් බිලියන 1.1 ක් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට හැකියාව ලැබුණු බවද කීය. මාර්තු මාසයේදී ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 438 ක් උපයාගෙන තිබෙන බවද මාරසිංහ මහතා පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *