සංවිධානාත්මක පිරිසක් විසින් යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවනතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා පවසා සිටින්නේ යතුරුපැදි සොරකම් වලට අදාළ පැමිණිලි 06ක් ඊයේ (18) දිනයේදීත් පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවයි.
සංවිධානාත්මක පිරිසක් විසින් මෙම සොරකම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බැවින් තම යතුරුපැදිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යතුරුපැදි හිමියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දි සිටියි.