මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි

තෙවැනි දිනටත් මොරගහකන්ද ජලාශ පතුලෙන් තවත් ජිව පතොරම් දහකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්වෙයි.

පසුගිය දා (11) මොරගහකන්ද ජලාශයේ ධිවර කටයුතු වල නිරත ධිවරයෙකු විසින් නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාට දුරකතනය ඔස්සේ ලබාදුන් තොරතුරකට අනුව මොරගහකන්ද ජලාශයේ නැඹුම් මධ්‍යස්ථානයට පහලින් සිදුකල සොදිසි මෙහෙයුම් වල දි ජිව පතොරම් 1100 ක් සොයාගන්නා ලදි.

පසුව පොලිස්පති තුමන්ගේ විශේෂ නියෝගයක් යටතේ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් එස් කේ වික්‍රමනායක සහ මාතලේ සහකාර පොලිස් අධිකාරි 2 රුක්මාල් තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් හා සහභාගීත්වය යටතේ ඊයේ (13) දඹුල්ල, ලග්ගල, විල්ගමුව, මහවෙල, යටවත්ත සහ නාඋල පොලිස්ථාන වල නිලධාරින් සහ දඹුල්ල විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු ධිවර ප්‍රජාවද එක්ව අදාල පතොරම් හමුවු ස්ථානය සහ අවට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකරන ලදි.

එහිදි පෙරවරු නවය පමණ වන විට යළි ජිව පතොරම් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.ඒ අනුව මේ වන විට මොරගහකන්ද ජලාශ පතුළෙන් සොයාගෙන ඇති ජිව පතොරම් ප්‍රමාණය 2000 ස ඉක්මවා තිබේ.

අද දින හමුවු ජිව උණ්ඩ අතර t 56 උණ්ඩ මෙන්ම five zero හෙවත් ගුවන්යානා නාශක උණ්ඩ ද පවතින බව ආරක්ෂක අංශ තවුරු කළේය.  මෙම ජිව උණ්ඩ හමුවීමත් සමග අදාල ප්‍රදේශයට දැඩි  ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, තවදුරටත් සොදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *