මෛත්‍රීපාල මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

මීළඟ ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිපයෙන්) තරග කරන බව සිරිසේන මහතා පැවසීය.

“මම කිසිම කුමන්ත්‍රණයකට බය නැහැ. මම අධිකරණයට සහ නීතියට ගරු කරනවා. ඉදිරියේදී මට කොහොම හිරිහැර කළත් මම ඉදිරි ජනාධිපතිවරණයට මගේ පක්ෂයේ සහයෝගය ඇතිව ඉදිරිපත් වෙනවා. මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් තිබෙන නිසා මම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සිරිසේන මීට පෙර 2015-2019 දක්වා ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *