ඊයේ (24) දිනයේදීත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ආසාධිතයින් 592න් 570 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන බවත්, තවත් 18 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති බවත්ය. මේ වනවිට දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඞ් පොකුර 35,548 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින් 8,478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ථ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30,568ක්.