මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 2752ක් දක්වා ඉහළට

ඊයේ (22) දිනයේ කොවිඩ් ආසාධිත නව රෝගීන් 22ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන්ගෙන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි අය බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකුටද කොවිඩ් ආසාධනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුටද කොවිඩ් ආසාධනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර, ඔහු නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු වේ.

මේ වනවිට කොවිඩ්-19 ආසාධනය වී සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2064ක් වන අතර රෝගීන් 677 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *