මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 2,704ක් වේ

ඊයේ (18) දිනය තුළ කොවිඩ් ආසාධිතයින් 7 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාධිතයින් 7 දෙනාගෙන් පස්දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් වේ. ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේත්, තවත් අයෙකු ලංකාපුර ප්‍රදේශයේත් පදිංචිකරුවන් බවට වාර්තා වේ. සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙකු ද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන අතර මෙම පිරිස නිරෝධායනයට ලක්ව සිටි අයවේ.

එමෙන්ම පිලිපීනයේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි අයෙකු ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *