මෙම වසර අවසන් වීමට පෙර වසර 43ක් පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේකෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මහනුවර ගැටඹේ රජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (16) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මේ සඳහා පත් කර තිබෙන බවත්, 1978 ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදු විය යුතුව තිබෙන බවත් ඒ් මහතා පවසා සිටියේය.