අපොස සාමාන්‍ය පෙළ විභාගය (2023) ලබන මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම වසරට නියමිත පාසල් විභාග කාල සටහන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා ද, අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා ද, පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම වසරේ (2024)) අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.