“මුදල් නොමැතිකම නිසා තැපැල් ඡන්ද කටයුතුවලට බාධා” මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම 15 සිට සිදු කළ නොහැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කරමින් නිමල් ජී පුංචිහේවා මහතා මේ බව ප්‍රකාශ කළේය.

නියමිත මුදල් ගෙවන තෙක් රජයේ මුද්‍රණාලය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුව බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *