මුදල් ගනුදෙනු කළ හැකි කාඩ්පත් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විස්තරයක්

විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම කාඩ්පත්හිමියන්ට තම කාඩ්පත් භාවිත කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා මෙරටින් පිට නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ හැකි කාඩ්පත්හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් මෙරටින් පිට නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් තහනම් කිරීමත් සීමා කිරීමක් සිදුකර ඇති බවට පසුගිය දා පැතිරගිය ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කරමින් මහ බැංකුව මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඇතැම් බැංකු විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් භාවිත කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සහ එම බැංකුවවල පවතින විදේශ විනිමය තත්ත්වය අනුව ප්‍රමුඛතාව ලබාදෙමින් යම් යම් සීමාවන් පවනවා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවද මහ බැංකුව සඳහන් කළේය.

විද්‍යුත් මුදල් කාඩ්පත් භාවිත කරමින් නීත්‍යානුකූලව ගෙවීම් කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වුවහොත් ඊට අදාළ බැංකුව සම්බන්ධකර ගන්නා ලෙසත්, විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *