මුඛ ආවරණ භාවිතා නොකරන්නන්ට එරෙහිව නීති දැඩි කෙරේ

මුඛ ආවරණ භාවිතා නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි. ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව මුඛ ආවරණ භාවිත නොකරන්නන් සොයා ක්ෂණික මෙහෙයුම් ආරම්භ කර තිබේ. එමෙන්ම පොළොන්නරුව, කළුතර, ගම්පහ ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *