මුඛ ආවරණ නොමැති පුද්ගලයින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනේ

මුඛ ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවන් වරදක් සිදුකරන පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවය.

දිවයින පුරා අඛණ්ඩව එම වැටලීම් සිදුකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *