මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ සේවකයෙකු ඊයේ මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු පසුගිය ඔක්තෝබර් 3 වනදා මියගොස් තිබූ අතර ඊට පසු ආසන්න දිනයකදී ඔවුගේ අවසන් කටයුතු සිදුකර තිබුණි.
කෙසේවෙතත් අධිකරණ නියෝගයක් ලබාගෙන ව්‍යාපාරිකයාගේ සිරුර යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට මීගමුව පොලීසිය තීරණය කර තිබේ.